Listen to soft music while you read!

Thursday, August 25, 2011

රුහුණු දුම්රියේ හඬ මා අවදි කලා (කොළඹට ගොඩ යෑම සහ කොළඹ දී ...... වීම.)

මේ පුංචි නගරයේ
දුර ඈත දිදුලනා.
රතු පාට පුංචි ඉර නුඹේ
තොල් පෙති මතක් කලා
කොටු පවුර නිදි වරා
මහ සයුර මුර කලා
ගල් බැම්මෙ බිඳුනු සුදු රල
නුඹෙ දසන් සිහි කලා
රුහුණු දුම්රියේ
හඬ මා අවදි කලා.
මගෙ පුංචි කුමරි 
අදවත් නුඹ එයිද මා සොයා ...

Tuesday, August 23, 2011

ලගම ඇතේ, දුරක නොවේ ... අපි යන්නේ, ඒ පාරේ ... 

Sunday, August 21, 2011

"දේව පූජාව අතුරුදහන් වීම"


එය කුඩා ගමකි. ගම අස බඩින් ගලා යන නදියකි. නදියෙන් එගොඩ පෞරාණික දේවාලයකි. සුන්දර මමුත් විටෙක සැඩ වන නදිය මගින් මුලු ගම්මානයේ ම සුන්දරත්වය ජලයේ දිය කර හරියි. මීට පරම්පරා ගණනාවකට පෙර සිය මුතුන් මිත්තන්ගේ නියමයෙන් ඉතා උස් බිමක් වූ නදියෙහි අනෙක් ඉවුරෙහි ඉදි වූ දේවාලයට කිසි දිනක නදියෙන් හානියක් සිදු නොවුනි. එය එහි වැඩ හුන් දෙවියන් ගේ බල මහිමයෙන් ආරක්ෂා වන බව ගම්මුන් ඇදහීය. ගම්මුන් සිය දුකත් සැපත් යන දෙකම බෙදා හදා ගත්තේ මෙම දේවාලයෙහි වැඩ හුන් නො පෙනෙන දෙවියන් සමගය. නමුත් ගම්මුන්ගේ  භාෂාව දෙවියන්ටත්  දෙවියන්ගේ භාෂාව ගම්මුන්ටත් නොවැටහිනි. ගම හා දේවාලය අතර වූ හිඩැස නදිය මගින් පිය වූවා සේ  ගම්මුන් හා දෙවියන් අතර වූ මෙම අවකාශය පරම්පරා ගණනාවක සිට පුරවනු ලැබුවේ පූජකයන් විසිනි. දේවාලය මෙන් ම පූජකයිනුත් පරම්පරා ගණනාවක සිට දේව ආරක්ෂාව යටතේ ගම්මුන්ගේ සැප බෙදා ගන්නා ගමන් දුක ට සවන් දීමට පුරුදු වී සිටියහ.

දේවාලය භාර පූජකයා මැදි වයස ඉක්මවූ වේකි. ඉතා බැරෑරුම් ලෙස සිය පාරම්පරික  දේවකාරිය ඇදහූ ඔහු කිසි දිනක සිය දෙවියන් සම්බන්ධ වගකීම් පැහැර නොහැරියේය.  ඔහුගේ ප්‍රතිපත්ති ගරුක සේවයෙන් දෙවියන් කොපමණ සතුටු වූවා දැයි ඔහු වත් නො දන්නා නමුත් ගම්මුන් එයින් බොහෝ සතුට ට පත් වන බව දැන සිටියේ ය. දකින දකින ගම්වැසියා වයස් භේදයකින් තොරව කට පුරා ගුරුන්නාන්සේ යැයි අමතන්නේ මහත් වූ ගෞරවයකිනි. ඉතා හිමි දිරි උදෑසන අවදි වන ඔහු දේව පුජවට අවශ්‍ය‍ය‍ කල මනා එක් රැස් කොට දේව පූජාව සකස් කිරීමේ කටයුතු අරම්භ කරයි. ඉතාමත් පිලිවලකට ඔහු අතින් ම පමණක් සිදු වන මෙම කාර්යයට කිසිවකුත් සහභාගි කර ගන්නට ඔහු මැලි වන්නේ කිසියම් හෝ අඩු පාඩුවක් සිදු වුවහොත් යන සිතුවිල්ලෙනි. ඉන් අනතුරුව හිමි දිරි හිරු රැස් වැටී හාත් පස එලිය වන විට ගුරුන්නාන්සේ පිය මනින්නේ නදිය අසබඩට ය. සිය දොහොත් මුදුන් දී ගෙනම සූර්ය‍යා වන්දනා කරනා ඔහු එම ඉරියව්වෙන් ජලයෙහි කිමිදෙන්නේ ආරුඞ කර ගත් ගම්භීර පෙනුමකිනි. අනෙක් ඉවුරෙහි සිටිනා ගම්මුන් මෙම සිදු වීම දෙස සැමදා බලා සිටින්නේ මිහි බට දෙවියන් දෙස බලා ඉන්න අකාරයෙනි.  

දිනක් දේවාලයෙහි අපුරූ සිදුවීමක් සිදු විය. දේව පූජාව සකස් කොට දිය නා පැමිණි ගුරුන්නාන්සේ දුටුවේ පූජාවේ වූ බොහෝ කිරි ආහාර අතුරුදන්ව ඇති බවය. නැවත පූජාවක් සකස් කිරීමට ද කාලයක් නොමැත. උදෑසන පූජාවට සහභාගි වීමට පැමිණි ගම්මුන් අතරද කතාව පැතිර ගොස් ඇත. "දේව පූජාව අතුරුදහන් වීම" ගම පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය. නදියෙහි අනෙක් පස වූ ගම්මානයට මෙපන ඉක්මනින් ආරංචිය ලැබුණ සැටි දන්නේ දෙවියන් ම පමනය. ගුරුන්නාන්සේ දෙවියන්ටත් වඩා භිය වූයේ ගම්මුන්ට ය. තම වගකීම නිසි ලෙස ඉටුනොවීම ගැන ගම්මුන් තමාට දොස් නගනු ඇත. එය තමන් හට මෙපමණ කලක් ලැබුණ ගරු සැලකිලි වල අඩුවක් වීමට ද  කාරණයක් වනු ඇත. සිදු ව ඇති දෙය පිලිබදව සොයා ගැනීම පසක තැබූ ගුරුන්නාන්සේ තම ජාම භේරා ගැනීමට අපූරු උපායක් සිතීය.

අපගේ කන්නලවුවට කන් දුන් දෙවියන් වහන්ස දේවාල භූමියට ම එහෙනම් වැඩම කරල ඉතා උද්දාමයෙන් යුතු ව ගුරුන්නාන්සේ කුසු කුසු ගගා හුන් ගම්මුන්ට පැවසීය.

ඒ කිව්වෙ ගුරුන්නාන්සේ මේ දෙවියන් වහන්සේ ම ද පූජාව වළඳා තියෙන්නෙ, ගම් වැසියෙක්  සිය ඇස් ලොකු කොට ගෙන ඇසීය.

මේවා බොහොම අනුහස් තියෙන පාරම්පරික ශුද්ධ භූමි. ගුරුන්නාන්සේ පැවසුවේ එපමනකි.

ඉතිරි සිද්ධිය සිදු වූ ආකාරය දන්නෙ ද දෙවියන් ම පමනි. මුළු ගමේම මිනිසුන් දේවාලය අසල රැස් කන්නට ගත වූයේ සුලු වේලාවකි. මිනිසුන් පොරකකා දෙවියන් වැලදූ පූජා බන්දේසිය වන්දනා කරන්නට විය. මැහැල්ලක් නදී ඉවුරට ලන් වන්නටත් පෙර පාරුවෙන් පැන දොහොත් මුදුන් දී ගෙනම දිව ආවාය. බන්දේසිය වටා එකම මිනිස් වලල්ලකි. බන්දේසිය සියසින් දැක ගන්නට බැරි කුඩාවුන් දෙවියන්ගේ පිළිමය ඇති දෝලාවට නැගී එක් අතකින් දෝලාවේ ස්තම්භයක් අල්ලා ගෙන  අනෙක් අත දේව නමස්කාර මුද්‍රාවෙන්  තම නැහ යට තබා ගෙන ගම්මුන්ගේ හිස් ගොඩට ඉහළින් එබිකම් කරන්නට විය.   සිය අග්‍රගන්‍ය කලා කෘතියක් මහජන ප්‍රදර්ශනයට තබා ඇති කලාකරුවෙකු සේ ගුරුන්නාන්සේ ආඩම්බර විලාසයෙන් මේ මහා ජන කඳ දෙස ඈතට වී බලා සිටියේ ය.

ටික වේලාවකට පසු තවත් සිදුවීමක් විය. දේව පිළිමය තබා ඇති දෝලාව දෙසින් කිසියම් ශබ්දයක් ඇසෙන්නට පටන් ගැණුනි. දෝලාවෙහි නැග උන් පොඩිවූන් භයින් භිරාන්තව පැන දුවන්නට විය. සියල්ලෝ ම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද විය. වැස්සක් පෑවූවාක් මෙන් සියල්ල නිස්කලන්ක විය.
  දේව ප්‍රතිමාව පිටුපසින් කලු පැහැති බළල් තඩියෙක් මතු විය. රැස්ව සිටි සෙනග දැක බියට පත්ව සිටි බළලා ගේ වල්ගය මලක් මෙන් පිම්බී තිබුණු අතර මුහුණ පුරා කිරි ගෑවී තිබුණි.

මෙය දුටු කට කාර පොඩි එකකු හැකි වෙර යොදා අන්න දෙවියන් කකුල් හතරෙන් ඇවිදිනෝ යැයි කෑ ගැසීය.

කිසිවකුත් කිසිවක් කීමට එඩිතර නොවීය. විස්මයෙන් යුතු ව බළලා දෙසත්, පූජා බන්දේසිය දෙසත්, ගුරුන්නාන්සේ දෙසත් විටින් විට බැලුවා මිසක් කිසිවකුත් කිසිවක් නො පැවසීය. කට කාර පොඩි එකා ගේ මව පැමිණ කොලුවාගේ කණ මිරිකූ බැවින් ඒකා අඩාගෙන දිව යන්නට විය.

හා හා පොඩි එකාගේ නොදරු කමට කියන කතා, පොඩි වුන්ට දේව සාප වදින්නේ නැහ නො වැ. උඹ පොඩි එකාට තරවටු නො කර හිටු සිය දිගු රැවුල පිරි මදිමින් ගුරුන්නාන්සේ පොඩි එකාගේ මවට පැවසීය.

මෙච්චර කලක් දෙවියන් එක්ක ගනුදෙනු කරන මම වත් තවම දන්නේ නැහැ නො වැ දෙවියන්ගේ අවතාර කොච්චර තියෙන වද කියල ගැඹුරු හඩකින් ගුරුන්නාන්සේ පැවසීය..
සියල්ලන් ගේම කසුකුසුව නැවතත් වැඩි විය. 
 
දේව අවතාරයක් කියන්නේ එකිනෙකාට මුමුනන්නට විය.  
එහෙනම් ඔය හැමෝම පැත්තකට වුනොත් හොදයි. ඔය බළල් ප්‍රාණයට නිදහසේ හැසිරෙන්න ඉඩ දීලා තම තමන්ගේ වැඩ රාජකාරි වලට පිටත් උනොත් එහෙනම් යැයි කියාගෙනම ගුරුන්නාන්සේත් දේවාලය අතුලට වැදුණි. 

බළල් ප්‍රාණයට දේවාලයෙ ම ඉන්න ඉඩ හැරි මිනිසුන් එකා දෙන්න නැවතත් ගමට පිටත් විය.