Listen to soft music while you read!

Wednesday, June 6, 2012

නවක වදය දුටුවාද?

මැට්‍රික්ස් එක කියන්නෙ එක ක්‍රමයක් නියෝ, මේ ක්‍රමය තමයි අපේ සතුරා. නමුත් ක්‍රමය ඇතුලේ අපි සිටින විට අපිට මොනවද පෙනෙන්නේ? වෛද්‍යවරු, ගුරුවරු, අචාර්‍ය් මහාචාර්‍යවරු, නීතීඥයෝ, වඩුවො, නිළධාරින් ඔය හැමෝම...
අපි බේරගන්න හදන මිනිසුන්ගේම සිතිවිලි තමයි මේ ක්‍රමය තුලදි අපි දකින්නේ.
නමුත් අපි මොවුන්ව ගලවා ගන්න තුරු මොවුනුත් මේ ක්‍රමයේම කොටසක් වෙලා අපිට හතුරු කම් කරනව.
ඔබ තේරුම් ගත යුතු වන්නේ මෙ මිනිසුන් බොහෝ දෙනෙක් මේ ක්‍රමයෙන් ගැලවෙන්න අකමැති ගර්හිත මිනිසුන් බවයි.

ඉතිං ඔවුන් අපේක්ෂා රහිතව මේ ක්‍රමය මත යැපෙනවා, ඒ වගේම මෙම ක්‍රමය රැක ගන්න සටන් වදිනව.

මෝෆියස් - ද මැට්‍රික්ස් චිත්‍රපටයෙන්

මේ මහා ක්‍රමය තුල අපි විසින්ම හදා ගත්තු තවත් කුඩා දැති රෝදයක් තමයි මේ නවක වදය. ඒක ඇතුලෙ ඉන්න කුඩා කොල්ලෝ කුරුට්ටො සිතන්නේ එලියේ තියෙන ක්‍රමය වැරදි නිසා අපි ඒක වෙනස් කරන්න ඕනා කියල. එහෙම කියන වුන් ඇතුලෙ කරන්නේත් එලියෙ වෙන දේවල් කුඩා පරිමානයෙන් කරන එකයි.

නවක වදය බොහෝ උසස් අධ්‍යාපනික ආයතන වල සිදු කරන්නේ ඉතා සංවිධානාත්මක ය. නමුත් එය සංවිධානය කර ඇත්තේ හුදෙක් නවකයන්ගේ පෞර්ශය සංවර්ධනය කිරීමට නොව යම් යම් අනාගත දේශපාලන කටයුතු සදහා කොන්දක් නැති රූකඩ බිහිකිරීමටය.

එය ඉතා ක්‍රමානුකූලයි. නවක වදය හොදින් නිරීක්ෂණය කරන විට අපට දැකිය හැක්කේ ඉතා සියුම් ආකාරයට දිව යන මොළ සේදීමේ ව්‍යාපාරයකි. එය කාලාන්තරයක් තිස්සේ හොදින් පෝෂනය වී ඇත. විටෙක එය කෙතරම් සියුම් ද යත් එය මෙහෙයවන ශිෂ්‍ය නායකයින් පවා ඒ පිලිබද අවිඤ්ඤානිකය.
බොහෝ විට නවකයන් මේ වදයට යොමු කරන්නේ දෙවෙනි වසරේ සිසුන් ය. ඔවුන්ට බොහෝ විට ශිෂ්‍ය සංගම් වල නිල තනතුරු හිමි නැතත් ඔවුන් ක්‍රියාකරන්නේ සම්පූර්ණයෙන්ම සංගම් වල අනුදැනුම පරිදිය. දෙවෙනි වසර සිසුන් පෙලෙන්නේ ගියවර තම්න් අත්දකින ලද දේ නොඅඩුව නව වසරේ සිසුන්ට ලබා දීමේ නොනිමි ආශාවෙනි. නමුත් මේ සියල්ලටම පූර්ණ ආශිර්වාදය සංගමයෙන් ලැබෙතත් එය නවක සිසුන් හට බොහෝ විට නිරාවරනය නොවේ. නවක වදය ක්‍රමක් ක්‍රම්යෙන් උත්සන්න වන විට නවක සිසුන්ට විවිධ පීඩන එල්ල වේ. ඔවුන් මානසිකව බොහෝ පහල අඩියකට වැටේ. මෙන්න මේ අවස්තාවේ නවක වදයේ සැබෑ ඉලක්ක වෙත ශිෂ්‍ය සංගම් යොමු වේ. ඉතා දුර බැහැරින් පැමිනි අහිංසක සිසුන් මානසිකව ඉතා පහල අඩියකට වැටී සිටින විට සංගම් නියෝජිතයන් පැමිනෙන්නේ දෙවිවරුන් මෙනි. ඔවුන් ගේ ගැටලු වලට සංගමය හොදින් කන් දෙයි. ඔවුන්ට උපකාර කරයි. නමුත් මේ නවක සිසුන් නොදන්න කාරනය නම් මේ සංගම් නියෝජිතයන් විසදන්නේ ඔවුන් විසින්ම කෘතිමව ඇති කල ගැටලුම බවය. මෙහිදී ආයතන වල දුර්වල පාලන රටාව නිසා ඇති වූ ගැටලුත් නැතිවාම නොවෙයි. සංගම් නියෝජිතයන් ඒ ගැටලුත් තමන්ගේ වාසියට හරවා ගැනීමට දක්ෂය. ඔවුන් මෙතරම් තීකෂන වන්නේ ඔවුන් ට ආයතනෙයන් පිට තම මවු සංගම් වලින් ලැබෙනා උපදෙස් නිසාය.

අවසානයේ නවක සිසුවා සිය උසස් අධ්‍යාපන ජීවිතය තුල සංගමය මත යැපෙන රූකඩයක් බවට පත් කර ගැනීම මේ නවක වදයෙහි අවසානයයි. මෙසේ විවෘත මනසක් නැති රූකඩ රටේ උසස් අධ්‍යාපන පද්ධතියෙන් බිහි වීම රටේ අවසානයයි.


මැතකදී ෆෙස්බුක් පිටුවක පල වූ අදාල වීඩියෝව පහතින් නරඹන්න.
නවක වදය දුටුවාද?

Sunday, May 27, 2012

මනස විකුණන මනස!





මෙය ගැන යමක් කිය යුතු දැයි වරෙක මට සිතුනි. මා මෙය සටහන් කරන විටත් ගිරවකු මෙන් රූපවාහිනියෙන් කියවාගෙන යන කතිකයකු ධණාත්මක චින්තනය පට්ට ගසයි. වැඩසටහන මෙහෙයවන වැඩසටහන ඉදිරිපත් කරන්නා අසරණ ව බල සිටියි. ඔහු දැක මට ද ඔහු ගැන දුක සිතුණි. ඔහුට එහි කිරිමට කිසිම කාර්යක් නැත. ධණාත්මක චින්තනයෙන් ඔද වැඩි ගියා වූ කතිකය තොර තෝන්චියක් නැතිව කියවයි.

විටෙක ඔහුට මෙලොව දෙවියන් මැවු දෙයකි. සියල්ල මැවිය හැක්කේ දෙවියන්ටය. එසේම දෙවියන් ඊලගට මැවීම මිනිසාට බාර කලේ යැයි පවසයි. එම වැඩසටහන නරඹන ඕනෑම ඇයෙකුටත් තමාගේ සැප සමපත් මවා ගැනීමට හැකි බව ඔහු පවසයි. මෙ ලොවෙ ඇති දුක එතරම් ගනන් ගත යුතු දෙයක් ලෙස නොදකින මෙම ධනාත්මක මහතා භෞතික දේ අසීමිත ලෙස අගයන්න මිනිසුන්ට පුන පුනා පවසයි.

නමුත් කාරණය වන්නේ විටෙක ඔහුගේ පීලී මාරු වීමය. ඔහුගේ කතාවේ අවසන් භාගය බුදුන් දෙසූ ධර්ම කරුණු වලින් පිරී ඇත. "මණෝ පුබ්බන් ... යන ගාථා පට්ට ගැසූ ඔහු ඔහු ගේ කථාව සනථ කිරීමට බුද්ධ දේශණාවන් යොදා ගන්නේ ඊට පෙර මෙලොව දේව නිර්මණයක් යයි පැවසූ බව අමතක කරමිනි. මොහුගේ ක්‍රියකලාපය මතක් කර දෙන්නේ පරණ කීමකි. කන්න ඕන කල කඹරගොයත් තලගොයා කර ගැනීම මේ හා සමානය. මෙම වැඩසටහනේ සියල්ලම හර සුන් යයි නොකියමි. නමුත් තම මඩිය තර කර ගැනීමට පදනමක් නැති විකාර දොඩවා අසරන අහිංසක මිනිසුන් තව තවත් අගාදයට ඇද දමන මෙවන් බේගල් වැඩසටන් ගැන වග කිව යුත්තේ ඒවා ප්‍රචාරය කරණා මාධ‍ය්ය ආයතනයන් ය.

මෙම වැඩසටහන ප්‍රචාරය වූයේ ශ්‍රී ලාංකේ ය අභිමානය මේ ආකාරයෙන් කවදත් රකිනා ස්වර්ණවාහිනියේ ය. ලාංනකාවේ රූපවහිනි වැඩසටහන් වල නිෂ්පාදන ගුණාත්මක භාවය(Production Quality) ගැන වෙනමම කථිකා කිරීම සුදුසු ‍යැයි සිතන මම එම දැනුම ඔවුනට ලැබෙන තෙක් ඔවුනගේ වැඩසටහන් වල ඇති හරයාත්මක වටිනාකම(Content Quality) ගැනවත් සැලකිලිමත් වී අනුග්‍රහකයකු මුදල් දුන් පමනින් ඕන කුණු ගොඩක් ප්‍රචාරය කිරීමේ සිල්ලර කඩයක් බවට තම මාධයේ ආයතන පත් කර නොගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. තවම හරිහැටි අත්දැකීම් නොමැති වුවත් මාධය් කඩ වල සිල්ලර කිරන වෙලන්දන් බවට පත් නොවන්නට මුදිත වැනි අහිංසක මාධ‍ය්වේදීන් ද ක්‍රියා කරන්නේ නම් එය රටට යහපතකි.

Thursday, August 25, 2011

රුහුණු දුම්රියේ හඬ මා අවදි කලා (කොළඹට ගොඩ යෑම සහ කොළඹ දී ...... වීම.)

මේ පුංචි නගරයේ
දුර ඈත දිදුලනා.
රතු පාට පුංචි ඉර නුඹේ
තොල් පෙති මතක් කලා
කොටු පවුර නිදි වරා
මහ සයුර මුර කලා
ගල් බැම්මෙ බිඳුනු සුදු රල
නුඹෙ දසන් සිහි කලා
රුහුණු දුම්රියේ
හඬ මා අවදි කලා.
මගෙ පුංචි කුමරි 
අදවත් නුඹ එයිද මා සොයා ...

Tuesday, August 23, 2011

ලගම ඇතේ, දුරක නොවේ ... අපි යන්නේ, ඒ පාරේ ... 

Sunday, August 21, 2011

"දේව පූජාව අතුරුදහන් වීම"


එය කුඩා ගමකි. ගම අස බඩින් ගලා යන නදියකි. නදියෙන් එගොඩ පෞරාණික දේවාලයකි. සුන්දර මමුත් විටෙක සැඩ වන නදිය මගින් මුලු ගම්මානයේ ම සුන්දරත්වය ජලයේ දිය කර හරියි. මීට පරම්පරා ගණනාවකට පෙර සිය මුතුන් මිත්තන්ගේ නියමයෙන් ඉතා උස් බිමක් වූ නදියෙහි අනෙක් ඉවුරෙහි ඉදි වූ දේවාලයට කිසි දිනක නදියෙන් හානියක් සිදු නොවුනි. එය එහි වැඩ හුන් දෙවියන් ගේ බල මහිමයෙන් ආරක්ෂා වන බව ගම්මුන් ඇදහීය. ගම්මුන් සිය දුකත් සැපත් යන දෙකම බෙදා හදා ගත්තේ මෙම දේවාලයෙහි වැඩ හුන් නො පෙනෙන දෙවියන් සමගය. නමුත් ගම්මුන්ගේ  භාෂාව දෙවියන්ටත්  දෙවියන්ගේ භාෂාව ගම්මුන්ටත් නොවැටහිනි. ගම හා දේවාලය අතර වූ හිඩැස නදිය මගින් පිය වූවා සේ  ගම්මුන් හා දෙවියන් අතර වූ මෙම අවකාශය පරම්පරා ගණනාවක සිට පුරවනු ලැබුවේ පූජකයන් විසිනි. දේවාලය මෙන් ම පූජකයිනුත් පරම්පරා ගණනාවක සිට දේව ආරක්ෂාව යටතේ ගම්මුන්ගේ සැප බෙදා ගන්නා ගමන් දුක ට සවන් දීමට පුරුදු වී සිටියහ.

දේවාලය භාර පූජකයා මැදි වයස ඉක්මවූ වේකි. ඉතා බැරෑරුම් ලෙස සිය පාරම්පරික  දේවකාරිය ඇදහූ ඔහු කිසි දිනක සිය දෙවියන් සම්බන්ධ වගකීම් පැහැර නොහැරියේය.  ඔහුගේ ප්‍රතිපත්ති ගරුක සේවයෙන් දෙවියන් කොපමණ සතුටු වූවා දැයි ඔහු වත් නො දන්නා නමුත් ගම්මුන් එයින් බොහෝ සතුට ට පත් වන බව දැන සිටියේ ය. දකින දකින ගම්වැසියා වයස් භේදයකින් තොරව කට පුරා ගුරුන්නාන්සේ යැයි අමතන්නේ මහත් වූ ගෞරවයකිනි. ඉතා හිමි දිරි උදෑසන අවදි වන ඔහු දේව පුජවට අවශ්‍ය‍ය‍ කල මනා එක් රැස් කොට දේව පූජාව සකස් කිරීමේ කටයුතු අරම්භ කරයි. ඉතාමත් පිලිවලකට ඔහු අතින් ම පමණක් සිදු වන මෙම කාර්යයට කිසිවකුත් සහභාගි කර ගන්නට ඔහු මැලි වන්නේ කිසියම් හෝ අඩු පාඩුවක් සිදු වුවහොත් යන සිතුවිල්ලෙනි. ඉන් අනතුරුව හිමි දිරි හිරු රැස් වැටී හාත් පස එලිය වන විට ගුරුන්නාන්සේ පිය මනින්නේ නදිය අසබඩට ය. සිය දොහොත් මුදුන් දී ගෙනම සූර්ය‍යා වන්දනා කරනා ඔහු එම ඉරියව්වෙන් ජලයෙහි කිමිදෙන්නේ ආරුඞ කර ගත් ගම්භීර පෙනුමකිනි. අනෙක් ඉවුරෙහි සිටිනා ගම්මුන් මෙම සිදු වීම දෙස සැමදා බලා සිටින්නේ මිහි බට දෙවියන් දෙස බලා ඉන්න අකාරයෙනි.  

දිනක් දේවාලයෙහි අපුරූ සිදුවීමක් සිදු විය. දේව පූජාව සකස් කොට දිය නා පැමිණි ගුරුන්නාන්සේ දුටුවේ පූජාවේ වූ බොහෝ කිරි ආහාර අතුරුදන්ව ඇති බවය. නැවත පූජාවක් සකස් කිරීමට ද කාලයක් නොමැත. උදෑසන පූජාවට සහභාගි වීමට පැමිණි ගම්මුන් අතරද කතාව පැතිර ගොස් ඇත. "දේව පූජාව අතුරුදහන් වීම" ගම පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය. නදියෙහි අනෙක් පස වූ ගම්මානයට මෙපන ඉක්මනින් ආරංචිය ලැබුණ සැටි දන්නේ දෙවියන් ම පමනය. ගුරුන්නාන්සේ දෙවියන්ටත් වඩා භිය වූයේ ගම්මුන්ට ය. තම වගකීම නිසි ලෙස ඉටුනොවීම ගැන ගම්මුන් තමාට දොස් නගනු ඇත. එය තමන් හට මෙපමණ කලක් ලැබුණ ගරු සැලකිලි වල අඩුවක් වීමට ද  කාරණයක් වනු ඇත. සිදු ව ඇති දෙය පිලිබදව සොයා ගැනීම පසක තැබූ ගුරුන්නාන්සේ තම ජාම භේරා ගැනීමට අපූරු උපායක් සිතීය.

අපගේ කන්නලවුවට කන් දුන් දෙවියන් වහන්ස දේවාල භූමියට ම එහෙනම් වැඩම කරල ඉතා උද්දාමයෙන් යුතු ව ගුරුන්නාන්සේ කුසු කුසු ගගා හුන් ගම්මුන්ට පැවසීය.

ඒ කිව්වෙ ගුරුන්නාන්සේ මේ දෙවියන් වහන්සේ ම ද පූජාව වළඳා තියෙන්නෙ, ගම් වැසියෙක්  සිය ඇස් ලොකු කොට ගෙන ඇසීය.

මේවා බොහොම අනුහස් තියෙන පාරම්පරික ශුද්ධ භූමි. ගුරුන්නාන්සේ පැවසුවේ එපමනකි.

ඉතිරි සිද්ධිය සිදු වූ ආකාරය දන්නෙ ද දෙවියන් ම පමනි. මුළු ගමේම මිනිසුන් දේවාලය අසල රැස් කන්නට ගත වූයේ සුලු වේලාවකි. මිනිසුන් පොරකකා දෙවියන් වැලදූ පූජා බන්දේසිය වන්දනා කරන්නට විය. මැහැල්ලක් නදී ඉවුරට ලන් වන්නටත් පෙර පාරුවෙන් පැන දොහොත් මුදුන් දී ගෙනම දිව ආවාය. බන්දේසිය වටා එකම මිනිස් වලල්ලකි. බන්දේසිය සියසින් දැක ගන්නට බැරි කුඩාවුන් දෙවියන්ගේ පිළිමය ඇති දෝලාවට නැගී එක් අතකින් දෝලාවේ ස්තම්භයක් අල්ලා ගෙන  අනෙක් අත දේව නමස්කාර මුද්‍රාවෙන්  තම නැහ යට තබා ගෙන ගම්මුන්ගේ හිස් ගොඩට ඉහළින් එබිකම් කරන්නට විය.   සිය අග්‍රගන්‍ය කලා කෘතියක් මහජන ප්‍රදර්ශනයට තබා ඇති කලාකරුවෙකු සේ ගුරුන්නාන්සේ ආඩම්බර විලාසයෙන් මේ මහා ජන කඳ දෙස ඈතට වී බලා සිටියේ ය.

ටික වේලාවකට පසු තවත් සිදුවීමක් විය. දේව පිළිමය තබා ඇති දෝලාව දෙසින් කිසියම් ශබ්දයක් ඇසෙන්නට පටන් ගැණුනි. දෝලාවෙහි නැග උන් පොඩිවූන් භයින් භිරාන්තව පැන දුවන්නට විය. සියල්ලෝ ම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ද විය. වැස්සක් පෑවූවාක් මෙන් සියල්ල නිස්කලන්ක විය.
  දේව ප්‍රතිමාව පිටුපසින් කලු පැහැති බළල් තඩියෙක් මතු විය. රැස්ව සිටි සෙනග දැක බියට පත්ව සිටි බළලා ගේ වල්ගය මලක් මෙන් පිම්බී තිබුණු අතර මුහුණ පුරා කිරි ගෑවී තිබුණි.

මෙය දුටු කට කාර පොඩි එකකු හැකි වෙර යොදා අන්න දෙවියන් කකුල් හතරෙන් ඇවිදිනෝ යැයි කෑ ගැසීය.

කිසිවකුත් කිසිවක් කීමට එඩිතර නොවීය. විස්මයෙන් යුතු ව බළලා දෙසත්, පූජා බන්දේසිය දෙසත්, ගුරුන්නාන්සේ දෙසත් විටින් විට බැලුවා මිසක් කිසිවකුත් කිසිවක් නො පැවසීය. කට කාර පොඩි එකා ගේ මව පැමිණ කොලුවාගේ කණ මිරිකූ බැවින් ඒකා අඩාගෙන දිව යන්නට විය.

හා හා පොඩි එකාගේ නොදරු කමට කියන කතා, පොඩි වුන්ට දේව සාප වදින්නේ නැහ නො වැ. උඹ පොඩි එකාට තරවටු නො කර හිටු සිය දිගු රැවුල පිරි මදිමින් ගුරුන්නාන්සේ පොඩි එකාගේ මවට පැවසීය.

මෙච්චර කලක් දෙවියන් එක්ක ගනුදෙනු කරන මම වත් තවම දන්නේ නැහැ නො වැ දෙවියන්ගේ අවතාර කොච්චර තියෙන වද කියල ගැඹුරු හඩකින් ගුරුන්නාන්සේ පැවසීය..
සියල්ලන් ගේම කසුකුසුව නැවතත් වැඩි විය. 
 
දේව අවතාරයක් කියන්නේ එකිනෙකාට මුමුනන්නට විය.  
එහෙනම් ඔය හැමෝම පැත්තකට වුනොත් හොදයි. ඔය බළල් ප්‍රාණයට නිදහසේ හැසිරෙන්න ඉඩ දීලා තම තමන්ගේ වැඩ රාජකාරි වලට පිටත් උනොත් එහෙනම් යැයි කියාගෙනම ගුරුන්නාන්සේත් දේවාලය අතුලට වැදුණි. 

බළල් ප්‍රාණයට දේවාලයෙ ම ඉන්න ඉඩ හැරි මිනිසුන් එකා දෙන්න නැවතත් ගමට පිටත් විය.